මෘදුකාංගවල ඔරිජිනල් සංස්කරණ මිලදීගත නොහැකි අප වගේ දුප්පත් රටවල මෘදුකාංග ලෝලින්ට පවතින ගැටළුවක් තමයි බොහෝ ප්‍රොයෝජන ගත හැකි මෘදුකාංග අන්තර්ජාලයේ බාගත කරගත්තත් ඒවා නොමිලේ ලබාදෙන්නේ නිශ්චිත දින ගණනකින් පසු ඉබේම අක්‍රිය වී යන එහෙමත් නැත්නම් ට්‍රයල් වර්ෂන් වශයෙනුයි එම දිනෙන් පසුව එම මෘදුකාංගය මිලදී ගත යුතු වෙනවා ඉතින් එහෙම මෘදුකාංග මිලදී ගන්න මුදල් නොමැති කමින් ලතවෙවී ඉන්න අයට මෙම මෘදුකාංගය භාවිතා කිරීම සුදුසුය මෙම මෘදුකාංගය මගින් වෙන්නේ එසේ දින සහිත ට්‍රයල් සංස්කරණවල කල්ඉකුත්වන දින දීර්ඝ කිරීමයි මෙය සිදුකරන්නේ කොහොමද කියල දැන් බලමු මුලින්ම මෘදුකාංගය ඔබලාගේ පරිඝනකයේ ඉන්ස්ටෝල් කරන්න ඉන්පසු ඔබේ පරිඝනක ඩෙස්ක්ටොප් එක මත ඇති Time Stopper මෘදුකාංගයේ ශෝර්ට්කට් එක මත ඩබල් ක්ලික් කරලා එය විවුර්‍ත කරගන්න
- මෙහි අංක 1 පෙන්වා ඇති ස්ථානය මගින් ඔබේ ට්‍රයල් සංස්කරණ මෘදුකාංගයේ ප්‍රධාන exe FILE එක තිබෙන ස්ථානය පෙන්වා එය තෝරාගන්න
- අංක 2න් පෙන්වා ඇති ස්ථානය මගින් ඔබේ පරිඝනකයේ අද දිනයට පසු දිනයක් තෝරාගන්න මෙම දිනය ඔබේ ට්‍රයල් සංස්කරණ මෘදුකාංගයේ අවසාන දිනයට පෙර දිනයක් යොදා ගත යුතුය
- 3 වන ස්ථානයට ලබාදිය යුත්තේ ඔබ විසින් මෙම නව දිනය සහිත සංස්කරණයේ ඩෙස්ක්ටොප් අයිකන් එකට ලබාදෙන නමයි ඒ සදහා ඔබට ඕනෑම නමක් ලබා දිය හැක
- ඉන්පසු create desktop shortcut යන බට්න් එක ක්ලික් කල පසු ඩෙස්ක්ටොප් එක මත අයිකන් එකක් සැදේ
- මෙම අයිකන් එක සාදාගත් පසු ඔබේ එම ට්‍රයල් සංස්කරණය විසින් ඩෙස්ක්ටොප් එක හා ස්ටාර්ට් මෙනු එකෙහි පෙරදී සාදා ඇති ශෝට්කට් සහ අයිකන සියල්ල මකා දැමිය යුතුය
Download Time Stopper
මින්පසුව එම ට්‍රයල් සංකරණය ඉතා දිගුකලක් පාවිච්චි කිරීමට ඔබට හැකි වේවි