අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද බ්ලොග් එකක් හදන්නේ කියල ගොඩක් කට්ටියට තියන අවුලක් තමයි මේ බ්ලොග් එකක් හදන්නේ කොහොමද කියන එක හොද පොස්ට් එකක් ලියන්නේ කොහොමද ගැජට් දන්නේ කොහොමද කියලයි මේක හදන්න ගොඩක් ලේසියි මොකද කියනවනම් ගූගල් සමාගමෙන් අපිට නොමිලේ දෙන සේවාවක් මේක මේ සදහා මුලින්ම ඔයාලට ජීමේල් එකවුන්ට් එකක් තියෙන්න ඕන දැනටමත් ඔයාලට ජීමේල් එකවුන්ට් එකක් ඇති කියල හිතනවා එහෙම නැතිනම් මගේ කලින් පොස්ට් එක බලන්න කලින් පොස්ට් එක බලන්න මෙතන ක්ලික් කරන්න මම නිර්දේශ කරන්නේ තමන්ගේ බ්ලොග් එක හදනකොට බ්ලොග් එක සදහා වෙනම ඊමේල් එකක් හදන එක ගොඩක් හොදයි කියලයි මේක ඔයාලගේ ආරක්ෂාව සලසා ගැනීමට ගොඩක් උචිත වෙනවා හැක් වලින් බේරෙන්න නම් මුලින්ම ඔයාල ඔයාල හෝම් පේජ් එක විවුර්ත කරගන්න එහි ඉහලින් ඇති මෙනුවේ බ්ලොගර් නම් මෙනුව ක්ලික් කරන්න නැත්නම් කෙලින්ම බ්ලොගර් සයිට් එකට යාමට
මෙම ලින්ක් එක ක්ලික් කරන්න
මෙහිදී ඔයාල Get started නම් බොත්තම මත ක්ලික් කරන්න එවිට Create Google Account නම් ෆෝරමය පැමිණේවි එවිට ඔයාල මෙම ෆෝරමය පිරවිය යුතුය
- E mail address මෙහිදී ඔයාල හදාගත්තු ඊමේල් එක ලබාදෙන්න
- Retype email address මෙහිදී ඔයාල හදාගත්තු ඊමේල් එක නැවත ලබාදෙන්න
- Enter a password පාස්වර්ඩ් එක ලබාදෙන්න
- Retype password නැවතත් එම පාස්වර්ඩ් එක ලබාදෙන්න
- Display name බ්ලොග් එක සදහා නම ලබාදෙන්න
- Email Notification මෙම චෙක් බොක්ස් එක සිලෙක්ට් කරන්න
- Gener ස්ත්‍රී පුරුෂ භාවය තෝරා දෙන්න
- Birthday ඔබගේ උපන්දිනය සදහන් කරන්න
- Word Verification මෙහි ඇති අකුරු හොදින් බල පහත ඇති හිස් කොටුවේ ටයිප් කරන්න මෙය හරියට ටයිප් නොකලොත් ෆෝරමය පුරවගනිමෙන් පසු Continue තේරීමේදී පිටුව නැවතත් රිලෝඩ් වී ෆෝරමය නැවත පිරවීමට සිදු වේවි
- Acceptance of Terms මෙම චෙක් බොක්ස් එක සිලෙක්ට් කරන්න
- Blog Title මෙහිදී ඔයාලට ඔබගේ බ්ලොග් එක සදහා නම ලබාදෙන්න
- Blog Address (URL) මෙහිදී ඔයාලගේ බ්ලොග් එක සදහා ඇඩ්රස් එක ලබාදෙන්න ඩොමේන් නේම් එක ලබාදෙන්න Eg:- මගේ බ්ලොග් එකේ ඇඩ්රස් එක http://nishshankaruwan.blogspot.com/ මෙහදී Check Availability නම් ස්ථානය ක්ලික් කර එම ඇඩ්රස් එක දැනටමත් කවුරුන් හෝ රැගෙන ඇතිදැයි බලන්න එය රැගෙන තිබේ නම් නැවත සුළු වෙනස් කමක් කර බලන්න
මෙහිදී ඔයාල ලබාදී ඇති බ්ලොග් අච්චු නොහොත් ටෙම්ප්ලේට් 8 න්
කැමති එකක් තෝරාගෙන Continue බොත්තම ඔබන්න
දැන් ඔබගේ බ්ලොග් එක සැකස අවසානයි නම් Start Blogging බොත්තම ක්ලික් කර ඔබගේ බ්ලොග් පොස්ට් ලිවිම ආරම්බ කරන්න Start Blogging බොත්තම ක්ලික් කල පසු ඔබ නව වින්ඩෝවේදී නිව් පොස්ට් නම් එකක් දැකගන්නට ලැබෙන්න ඇති මෙම ස්ථානයේ ඔබගේ ලිපිය ලිවිම අරම්මබ කරන්න