ඔයාලගේ බ්ලොග් එක හැදුවට ඔයාල එහි සෙටින්ස් වෙනස් කරගැනීමේදී මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රොයෝජනවත් වෙයි කියල මන් හිතනවා ගොඩක් අය මේ ගැන දන්නවා ඇති මේ ගැන නොදන්නා අය සදහා මෙහි සෙටින්ස් පිලිබදව විමසා බලමු මුලින්ම බ්ලොගර් ඩෑෂ්බෝර්ඩ් එකට පිවිසීම සදහා මේ ලින්ක් එක ක්ලික් කරන්න එවිට
බ්ලොගර් ඩෑෂ්බෝර්ඩ් යනුවෙන් හැදින්වෙන්නේ ඉහත රුපයේ ආකාරයට පෙනෙන පෙන්වා ඇති ස්ථානයටයි මෙම ස්ථානය ඔබලාගේ බ්ලොග් සයිට් එකේ බැක් එන්ඩ් එක ලෙස සලකයි
- view profile මෙතනින් ඔයාලගේ ප්‍රොෆයිල් එක බලන්න පුළුවන්
- Edit profile මෙහිදී ඔයාලගේ ප්‍රොෆයිල් එකේ නැවත සකසා ගැනීම් කරන්න පුළුවන්
- Edit Photo මෙහිදී ඔයාලට ඔයාලගේ ෆොටෝ එක නැවත සකසා ගැනීමට වෙනස් කරගැනීමට පුළුවනි
- Edit notification දැනුන් දීම් සදහා
- Create a blog මෙහිදී ඔබලාගේ බ්ලොග් එක ආරම්බ කල ඊමේල් එක සදහා නැවත අලුත් බ්ලොග් අඩවියක් සාදා ගැනීමට පුළුවන්
- mange blog මෙතනින් ඔයාල සතුව පවතින බ්ලොග් අඩවි සංක්‍යාව පෙන්වනවා
පොස්ට් Tab
ඔයාලට මෙහිදී පෙනෙනවා ඇති නිව් පොස්ට් යන ස්ථානය මෙය ක්ලික් කිරීමෙන් ඔයාලට අලුත් බ්ලොග් ලිපියක් ලිවිය හැකිය එඩිට් පොස්ට් යන ස්ථානයේදී ඔයාල කලින් ලියපු බ්ලොග් ලිපියක් නැවත සකසා ගැනීම කල හැකිය බ්ලොග් පොස්ට් වලට ටැග් එක් කිරීම නව ලේබල් දැමීම ඩිලීට් කරන්න මෙවැනි දේවල් කල හැකිය ලේබල් යොදනවා කියන්නේ ඔයාලගේ පොස්ට් එක එක ගොඩට වෙන් කරගැනීමක් වැනි යම් කිසි මාතෘකාවකට අනුව වෙන් කරගැනීමක් කරගත හැක එඩිට් පේජස් යනු අපිට පේජ් එකක් සාදාගැනීමට උදව් කරන ස්ථානයයි eg:- about me වැනි
කොමෙන්ට් ටැබ්
හැමෝටම වැදගත් ස්ථානයක් තමයි මේක කමෙන්ට් එක මෙතනින් ඔයාලට පුළුවන් කමෙන්ට් පාලනය කරන්න ඩිලීට් කරන්න ස්පෑම් (කරදරකාරී ) එකක් ලෙස සටහන් කරන්න වැනි දේවල් මෙයින් කරන්න පුළුවන්
සෙටින්ග්ස් ටැබ්
මෙය තමයි ඔයාලගේ බ්ලොග් එකේ තියන වැදගත්ම ස්ථානය මෙය යටතේ ස්ථාන ගණනාවක් ලෙස බෙදල හදලයි තියෙන්නේ මෙහිදී බේසික් පබ්ලිෂින් ෆෝමැටින් කමෙන්ට් ඇචිවින් සයිට් ෆීඩ් ඊමේල් ඇන් මොබයිල් ඕපන් අයිඩි පමිෂන් යනු එවයි මෙයින් අප බේසික් යන්න විමසා බලමු
- Import Blog මෙහිදී ඔයාලට වෙන තැනක හෝ බැකප් කරගත් වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය බ්ලොග් පොස්ට් ලබාගත හැක
- Export Blog යටතේ අපගේ මෙතෙක් ලියු බ්ලොග් පොස්ට් වල බැකප් එකක් ලබා ගත හැකිය
- Delete Blog බ්ලොග් අඩවිය මක දැමිය හැක
- Title බ්ලොග් එකේ නම
- Description ඔබගේ බ්ලොග් එකේ විස්තරයක් ලබාදිය හැකිය
- Add your blog to our listings? මෙහිදී ඔයාලට බ්ලොග් එක බ්ලොගර් ලිස්ට් එකට ඇඩ් කරගත හැක
- Let search engines find your blog? ඔබගේ බ්ලොග් එක සර්ච් එන්ජින් එක මගින් සොයාගැනීමට පහසුකම් සැලසීම
- Google Analytics Web Property ID ඔබගේ බ්ලොග් එක හදුනා ගැනීම සදහා අනිත් බ්ලොග් එකකින් අයිඩෙන්ටි කාර්ඩ් එක හා සමානය මෙහිදී ඔබලාගේ සයිට් එක සදහා විශේෂිත අංකයක් ලබාගත යුතුය ඒ සදහා වෙනම රෙජිස්ටර් විය යුතු වේ එය සදහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න
මෙහිදී සයින් ඉන් නම් ස්ථානය ක්ලික් කරන්න එවිට ඔයාලට ඊමේල් පාස්වර්ඩ් ලබාදී ලොග් වෙන්න සමහරවිට ඉබේම සයින් ඉන් වීමටද පුළුවන
මෙහිදී ඇඩ්මින් යන ස්ථානයේ ක්ලික් කරන්න
එකවුන්ට් වල නිව් එකවුන්ට් යන ස්ථානය ක්ලික් කරන්න
- Account Name ඔබගේ නව ගිණුම සදහා නම
- Website's URL මෙහිදී යන්න තෝරාදී ඉදිරියෙන් ඇති කොටුව තුල ඔබගේ සයිට් එකේ නම ලබාදිය යුතුය
- Time zone මෙම ස්ථානය සදහා ශ්‍රී ලංකා ලබා දෙන්න
Tracking ID:මේ තමයි ඔයාලගේ සයිට් එක හදුනාගැනීමේ කේතය
2. Paste this code on your site මෙයට පහලින් ඇති කොටුවේ ඇති කේතයන් කොපි කරගන්න එය ඔබලාගේ බ්ලොග් එකේ design>>>edit html හොයාගන්න එවිට ඔයාලට ඔයාලගේ ටෙම්ප්ලේට් එක පෙන්නාවි මෙහිදී ඔයාල ctrl + f යන කි බෝඩ් එකේ යතුරු එකවර ඔබන්න එවිට ඔයාලගේ බ්‍රව්සර් එකේ පැත්තකින් ඉහල පොඩි බොක්ස් මතු වෙනවා
මෙතනට</head> යන කෝඩ් එක ලබාදී හෙඩ් යන්න සොයාගෙන ඊට ඉදිරියෙන් ඔබට මම කලින් කොපි කරගැනීමට යයි කියූ ඔබලාගේ කේතයන් කොපි කර සේව් ටෙම්ප්ලේට් යන්න ලබාදෙන්න පසුව settings>>basic>>Google Analytics Web Property ID යන ස්ථානයට ඉදිරියෙන් ඔබලාට ලැබුන මේ ආකාරයේ කේතය (මේ මට ලැබුන කේතය ඔයාල ඔයාලගේ කේතය ලබාදෙන්න) UA-31472764-1 කොපි කොට පේස්ට් කර සේව් සෙටින්ග්ස් යන්න ලබාදී සේව් කරන්න
පබ්ලිෂින්
මෙම ස්ථානයේ ඔයාලගේ බ්ලොග් එකේ ලිපිනය වෙනස් කරගැනීමට පුළුවනි එමෙන්ම මෙහිදී ඔයාල විසින් මිලදී ලබාගත් ඩොමේන් නේම් එක මෙහි ඇති කස්ටම් ඩොමේන් ස්ථානය ක්ලික් කිරීමෙන් ලබාදිය හැක
ෆෝමැටින්
ප්‍රධාන පිටුවේ පොස්ට් කියක් පෙන්විය යුතුදැයි මෙමගින් තොර දිය හැක දිනය වෙනස් කිරීම ටයිම් සෝන් එක භාෂාව වෙනස් කිරීම වැනි සැකසුම් ගණනාවක් මෙහිදී වෙනස් කල හැක
කොමෙන්ට්
මෙහිදී ඔයාලගේ බ්ලොග් පොස්ට් සදහා අනිත් අය විසින් දමන පොස්ට් පාලනය කිරීම කල හැක කොමෙන්ට් දැමීම රෙජිස්ටර් වූ අයට පමණක් දැමීමට හැකි ලෙස සැකසීම නොපෙන්ව සිටීම වැනි නොයෙකුත් දේවල් කල හැකිය
පමිෂන්
මෙම ස්ථානයෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ බ්ලොග් ලිවිම එක සදහා තව කෙනෙකු සම්බන්ද කරගන්න ඔයාලගේ බ්ලොග් කියවන අයව පාලනය කල හැකිය
ඩිසයින්
මෙම ස්ථානය තවත් මෙනු තුනකට බෙදා දී ඇත මුලින්ම පේජ් එලිමන්ට් කියන එකෙන් කරන්නේ ඔයාලගේ බ්ලොග් එක සදහා ගැජට් වැනි දේවල් එකතු කරන ස්ථානයයි ජාවා ස්ක්‍රිප්ට් වැනි දේවල් මෙතනි දන්නා පුළුවන්
edit Html බ්ලොග් එකේ වෙනස් කරගන්නේ මෙම ස්ථානය භාවිතා කරගනිමෙනුයි අලුත් බ්ලොග් ටෙම්ප්ලේට් එකක් දාගන්න එක කරන්න වැනි ගොඩක් දේවල් කරන්නේ මෙතනින්
ටෙම්ප්ලේට් ඩිසයිනර් මෙම ස්ථානය වැඩ කරන්නේ බ්ලොගර් වෙබ් එක මගින් ලබාදෙන ටෙම්ප්ලේට් සදහා පමණි අපවිසින් එක් කරන
ටෙම්ප්ලේට් සදහා මෙය වැඩ කරන්නේ නැත මෙයින් ඔයාලගේ ෆොන්ට් එක වගේ දේවල් වෙනස් කිරීම කලර් වෙනස් කිරීම වැනි නොයෙකුත් හැඩ වැඩ දැමිය හැක
ස්ටාට්ස්
මෙතනින් කරන්නේ ඔයාගේ බ්ලොග් එකට මෙතෙක් කලක් ආපු අය කොපමණද කියල පෙන්වන එකයි ආවේ මොන රටද කොපමණ පිටු බලපු අය කියන විස්තර ලබාගත හැකිය
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න