මන් ඔයාලට කියල දෙන්න යන්නේ පෙන් එකකින් වින්ඩොව්ස් දන්නේ කොහොමද කියල windows xp/windows 7/ vista මේ ඕනෑම ඔපරේෂන් සිස්ටම් එකක් මේක සදහා ඔයාලට සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලොඩ් කරගන්න වෙනවා VCD හෝ DVD එකක් නැතුව පෙන් එකකින් දාන්නේ ඇයි කියල ඔයාල හිතනවා ඇති පෙළක් අයගේ තියෙන්නේ නෝට්බුක් පරිඝනක සහ නැතිනම් පරිඝනකයේ ඇති ඩ්‍රයිව් එක වැඩ කරන එක නැවතිලා ඉතින් මේ වගේ දේවල් ඔයාලටත් වෙලා ඇතිනේ දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියල අපි එකට භාවිතා කරන්නේ වින් ටු ෆ්ලෑෂ් කියන මෘදුකාංගය මේ මෘදුකාංගය ඔයාලට මෙතන ක්ලික් කිරීමෙන් බාගැනීමට පුළුවන් ඔයාල මේක බාගත්තට පස්සේ මේක පෙන්වන්නේ වින් රාර් ෆයිල් එකක් විදිහට මෙතැනදී ඔයාල ෆයිල් එක උඩ රයිට් මවුස් බට්න් එක ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් හියර් නම් නම් ක්ලික් කරන්න
පසුව ඔයාල මෙහි ෆයිල් ටික එක්ස්ට්‍රක්ට් වුනාට පස්සේ මෙහි ඇති වින් ටු ෆ්ලෑෂ් නම්අයිකන් එක ක්ලික් කරන්න
මෙහිදී මේ ආකාරයට ඔයාලගේ මෘදුකාංගය ඕපන් වේවි
මෙහිදී නෙක්ස්ට් ලබාදෙන්න
මෙහිදී ඉහලින් බොක්ස් දෙක මාර්ක් කර නෙක්ස්ට් යන්න ලබාදී ඉදිරියට යන්න
නෙක්ස්ට් ලබාදී ඉදිරියට යන්න
ඔයාල ඉන්ටර්නෙට් වලට සම්බන්දවි සිටින අවස්ථාවලදී පමණක් මෙය පැමිණේ නෙක්ස්ට් ලබාදී ඉදිරියට යන්න
නෙක්ස්ට් ලබාදී ඉදිරියට යන්න
නෙක්ස්ට් ලබාදී ඉදිරියට යන්න
මෙහිදී වින්ඩොව්ස් සෙටප් ට්‍රාන්ස්පර් විසාර්ඩ් යන බොක්ස් එක ක්ලික් කරන්න ඔය කොලපාට හරියක් තියෙන්නේ අන්න එක
මෙහිදී ඉහලින් ඇති Always Start in Wizard mode චෙක් බොක්ස් එක සිලෙක්ට් වී නැතිනම් එය සිලෙක්ට් කර නෙක්ස්ට් යන්න ලබාදී ඉදිරියට යන්න දැන් ඔයාලගේ වින්ඩොව්ස් Xp එක හරි සෙවන් එක හරි ඔයාලගේ DVD ඩ්‍රයිව් එකට දාන්න
දැන් මෙහි ඇති වින්ඩොව්ස් ෆයිල් පාත් කියන තැන ඔයාලට පේනවා ඇති එයට ඉදිරියෙන් ඇති සිලෙක්ට් නම් බොත්තම ක්ලික් කර ඔයාලගේ DVD ඩ්‍රයිව් එකේ හෝ ඔයාලගේ හාඩ් එකේ ඇති වින්ඩොව්ස් ඔපරේෂන් සිස්ටම් එක ඇති ස්ථානය තෝරා දෙන්න
මෙහිදී මතක තබාගත යුතු වන්නේ ඔයාලගේ පෙන් එකේ ඔයාලට අවශ්‍ය වැදගත් ෆයිල් ටික කොහෙට හරි කොපි කරගන ඉන්න ඕන කියන එක පසුව ඔයාලට පේනවා ඇති මෙහි යුඑස්බී ඩ්‍රයිව්ස් නම් ස්ථානය මෙහිදී ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එක හෝ මෙමරි කාර්ඩ් එක තෝරා දෙන්න දැන් සියලු සැකසීම අවසානයේ නෙක්ස්ට් නම් බොත්තම ක්ලික් කර ඉදිරියට යන්න
මෙහිදී ඉහලින් ඇති Ido Accsept the terms of the licence agreement යන ස්ථානය සිලෙක්ට් කර Continue බොත්තම ක්ලික් කර ඉදිරියට යන්න
මෙන්න මේ ආකාරයට ඔයාලගේ ෆයිල් ටික පෙන් එකට කොපි වේවි
දැන් ෆයිල් කොපි වී අවසානයේ මෙවැනි වින්ඩෝවක් පැමිණේවි එවිට එය එක්සිට් කර දමන්න දැන් ඔයාලගේ පෙන් එක සුදානම් වෙලා අවසානයි දැන් තියෙන්නේ ඔයාලගේ බයෝස් සෙටින්ග්ස් වලට ගිහින් පෙන් එක ඩ්‍රයිව් එක First Boot divaice ලෙස ලබාදී ඔබගේ පරිගණකය ෆෝමැට් කරගැනීමයි බයෝස් සෙටින්ග්ස් පරිගණකයෙන් පරිගණකයට වෙනස් ආකාරයක් පෙන්වයි එම නිසා එය ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න