Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, May 1, 2012

ඊමේල් ගිණුමක් සාදගනිමු

ඊමේල් ගිණුමක් හදාගන්න හැමෝම කැමති ඇති ඒවගේම ඊමේල් ගිණුම හදාගන්න විදිහ ගොඩක් අය දැනගන තියෙන්න පුළුවන් නමුත් තමන්ටම කියල ඊමේල් ගිණුමක් හදාගන්න නොදන්නා අය සදහා මේක කොහොමද කරන්නේ කියල මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ මම මේ සදහා යොදාගන්න ඊමේල් සේවාදායකය වන්නේ ගුගල් සමාගම ජීමේල් කියන ගිණුමක් හදාගන්න විදිහ අපි දැන් බලමු  මුලින්ම ඔයාල ගුගල් හෝම් පේජ් එක විවුර්ත කරගන්න පහත රුපය බලන්න 

මෙහිදී ඔයාල ජීමේල් කියන තැන ක්ලික් කරන්න මන් ඉහල ඇති රුපය බලන්න එවිට ඔයාලට පහත දී ඇති ආකාරයේ වින්ඩෝවක් ලැබේවි

මෙහිදී නම් Create An Account නම් ස්ථානයේ ක්ලික් කරන්න ඉහත රුපය බලන්න එවිට නව වින්ඩෝවක් ලැබේවි





  • NAME   මෙහිදී නේම් නම් ස්ථානය සදහා ඔයාලගේ නම ලබාදෙන්න 

  • Choose your User name  චුස්‌ යුවර් යුසර් නේම් යන ස්ථානය සදහා ඔබ සිතාගෙන සිටින යුසර් නේම් එක ලබදියයුතුය 



උදාහරණය :-මගේ නම නිශ්ශංක රුවන්ය මෙහිදී මා ඉහත නේම් යන ස්ථානය සදහා nishshanka Ruwan ලෙස නම ලබාදී චුස්‌ යුවර් යුසර් නේම් යන ස්ථානය සදහා nishshankaruwan@gmail.com 
ලෙස එම කොටුවේ ටයිප් කරමි මෙහිදී ඔයාල ඔයාලගේ යුසර් නේම් එක ලබා දිය යුතු වනවා මෙහිදී යුසර් නේම් ලෙස ලබාදෙන nishshankaruwan@gmail.com යනු අප සාදාගන්න ඊමේල් ලිපිනයවේ 


මෙහිදී යුසර් නේම් ලෙස ලබා දීමේදී එම යුසර් නේම් එක තව කෙනෙකු පාවිච්චි කරනවනං ඔබ ලබාදුන් යුසර් නේම් එකේ සුළු වෙනස්  කමක් කර  බලන්න 

  • පසුව ඔයාල  password නම් ස්ථානය සදහා පාස්වර්ඩ් එක ලබාදෙන්න ඕන මෙය අකුරු හෝ ඉලක්කම් අටකට වඩා තිබිය යුතුය පසුව එම පාස්වර්ඩ් එක නැවතත් confirm your password නම් ස්ථානය සදහා ලබාදෙන්න 

  • Birthday  නම් ස්ථානය සදහා ඔබගේ සම්පුර්ණ උපන්දිනය ලබාදෙන්න මෙහිදී සැලකිය යුතු වන්නේ අවු 18 අඩු අය සදහා ජීමේල් හි රෙජිස්ටර් වීම යම අපහසුවක් ඇත 

  • Gender  ස්ත්‍රී පුරුෂ බාවය ලබාදෙන්න 

  • Mobaile Phone නම් ස්ථානය සදහා ඔබගේ ජංගම දුරකථන අංකය ලබාදෙන්න මෙහිදී සැලකියයුතු වන්නේ රට සදහා ශ්‍රී ලංකා +94 ලෙස ලබාදීමයි එවිට ඔබගේ අංකය ලබාදිය යුතුවනේ  +94713001539 ලෙසය මොබිටෙල් නම්බරයක් නම් 

  • Other Email address නම් ස්ථානය සදහා වෙනත් ඊමේල් ලිපිනයක් ලබාදෙන්න 

  • Prove Your Not A Robot නම් කොටුවේ ලබාදී ඇති අකුරු හරියට බලල ටයිප් කරගන්න අවශ්‍ය වෙනවා
  •  Location මෙහි ශ්‍රී ලංකා ලෙස තිබිය යුතුය 
අවසානයේ ඇති I agree to Google terms of service and privacy policy නම් වාක්‍ය ඉදිරියෙන් ඇති බොක්ස් එකේ ක්ලික් කරන්න එවිට ඉට පහතින් ඇති ආකාරයට හරි ලකුණ සිලෙක්ට් වනු ඇත දැන් නෙක්ස්ට් ස්ටෙප් next Step නම් ස්ථානය ක්ලික් කරන්න එවිට

add Profile Photo යන්න ක්ලික් කරන්න මෙතැනින් ඔබ ඔබගේ ෆොටෝ එකක් ලබාදෙන්න මෙය ලබාදීම අනිවාර්ය නැත ක්ලික් කල පසු ඔබට පහත ආකාරයට පෙනේවි 


මෙහිදී ඔබගේ පරිගණකයේ ඇති ෆොටෝ එකක් තොර ලබාදෙන්න එවිට එය අප්ලෝඩ් වී අවසානයේ set as profile photo ක්ලික් කරන්න එවිට 

continue to gmail ක්ලික් කරන්න 

දැන් ඔබගේ ඊමේල් ගිණුම නිර්මාණය කර අවසන්ය මෙහිදී ඊමේල් එකක් යැවීම සදහා compose නම් ස්ථානය ක්ලික් කිරීමෙන් ලබාගන්න මෙහිදී ලොග් අවුට් ගොස් නැවත ලොග් වීම සදහා ගූගල් හෝම් පේජ් එකට ගොස් ජීමේල් නම් ස්ථානය ක්ලික් කිරීමෙන් sign in සයින් ඉන් නම් තැනට ඔබගේ යුසර් නේම් එක හා පාස්වර්ඩ් ලබාදෙන්න සැනෙකින් ඔබගේ ජීමේල් ගිණුමට ලොග් වීමට පුළුවන 

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න