වින්ඩොව්ස් සෙවන් හිදී ඔබ යුසර් එකවුන්ට් එක තෝරන්නේ ලොග් ඔන් තිරයේදී බව ඔබ දන්නවා ඇති සාමාන්‍යයෙන් මෙහි මතු ඉහත ඇති රුපයයි මෙම රුපය වෙනුවට වෙනත් රුපයක් යෙදිය හැකි බව ඔබ දන්නවාද අපි බලමු මේක කරන්නේ කොහොමද කියල මේක සදහා ඔයාලට මුලින්ම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය තුල ඇති රෙජිස්ට්‍රිය එඩිට් කරන්න සිදු වෙනවා ඔබ මෙම සැකසුම කිරීමේදී ගොඩක් පරෙස්සම් වෙන්න ඕන මොකද මෙහෙයුම් පද්දතියේ ක්‍රියාකාරකම් වලට බලපාන ෆයිල් මෙහි පිහිටා ඇති නිසා මුලින්ම රේගිස්ට්‍රිය වෙත ඇතුල් වීමට RUN ඩයලොග් බොක්ස් එක විවුර්ත කරගන්න එහි regedit ලෙස ටයිප් කර OK කරන්න
එතකොට ඔයාලට මේ ආකාරයට රෙජිස්ට්‍රිය පෙනේවි
මෙහි කොම්පියුටර් යටතේ ෆෝල්ඩර් ආකාරයට අනෙකුත් කොටස් වර්ග කර තිබේ මේවයින් HKEY_ LOCAL_MACHINE නම් ෆෝල්ඩරය ඉදිරියේ ඊ හිස ක්ලික් කරන්න පහත ආකාරයට පිවිසෙන්න
- HKEY_LOCAL_MACHINE \ Software \ Microsoft \ Windows \ CurrentVersion \ Authentication \ LogonUI \ Background
දැන් මෙහිදී අපට් වින්ඩෝ එකේ දකුණු පස default නම් වැලියු එක දැක ගැනීමට පුළුවන මෙහි අලුත් වැලියු එකක් සාදාගන්න ඕන දැන් default නම් වැලියු එකට යටින් පහලින් හිස තැනක රයිට් ක්ලික් කර ලැබෙන මෙනු එක තුලින් DWORD (32-bit) valu යන්න ක්ලික් කරන්න එසේ සකස් කරගන්නා වැලියු එක OEMBackground ලෙස නම් කරන්න
OEMBackground ලෙස සකස් කරගත් විට
මීලගට මෙහි ඇති අගය වෙනස් කිරීමට OEMBackground නම් වැලියු එකේ ඩබල් ක්ලික් කිරීමෙන් මෙය කරගැනීමට ඔබට පුළුවන් එවිට විවුර්ත වන Edit Dword Valu නම් බොක්ස් එකේ ඇති Valu Dataනම් ස්‌ථානයේ
දැනට් ඇති අගය වන්නේ 0 වේ මෙහි අගය 1 ලෙස වෙනස් කරන්න ඔබගේ රෙජිස්ට්‍රිය තුල OEMBackground නම් වැලියු එක සමහරවිට ඉහත ආකාරයට සැදීමට අවශ්‍ය නොවේ මෙය පෙළක් වෙලාවට ඉබේම ඔබගේ රෙජිස්ට්‍රිය තුල පිහිටා ඇත එවැනි අවස්ථා වල අගය පමණක් වෙනස් කරන්න
දැන් ඔබට මේ ආකාරයට ඔබගේ සැකසීම දිස් වේ
දැන් ඔබ රෙජිස්ට්රි සැකසුම සාදාගෙන අවසානයි අපි බලමු ඔබගේ ලොග් ඔන් රුපය කොහොමද යොදාගන්නේ කියල මෙහිදී ලොග් ඔන් තිරය සදහා යොදන රුපය විශේෂ ස්ථානයක් පිහිටුවා ගැනීම අවශ්‍ය වේ මේ සදහා ඔබ පහත ආකාරයට ලබාදී ඇති ස්ථානය ෆොල්ඩරය සොයාගන්න
My computer >>> C: >>> windows >>> system32 >>> oobe
මෙහිදී ඔබට oobe නම් ෆෝල්ඩරය තුළ අලුත් ෆොල්ඩරයක් නිර්මාණය කරගන්න මෙය Info යනුවෙන් රිනේම්
කරන්න පසුව නම් ෆොල්ඩරය තුල නැවතත් අලුත් ෆොල්ඩරයක් නිර්මාණය කරගෙන එය background ලෙස නම් කරන්න ලොග් ඔන් ස්ක්‍රීන් එක සදහා යොදාගන්න රුපය පිහිටුවා ගන්නේ මෙම ස්ථානයේදියි
ලොග් ඔන් ස්ක්‍රින් එක සදහා යොදාගන්න රුපය .JPG ෆයිල් ෆෝමැට් එකක් ලෙස තියෙන්න ඕන මෙම රුපය සයිස් 200KB වලට වඩා අඩු වෙන්න ඕන මුලින්ම මෙම රුපය තෝරාගෙන එය ෆෝල්ඩරයට කොපි කරගන්න පසුව රුපය රීනෙම් කරගන්න backgroundDefault ලෙස දැන් ඔබගේ ලොග් ඔන් තිරයේ සම්මත රුපය වෙනස් වී ඔබ ලබාදුන් රුපය ලැබී ඇති ආකාරය ඔබට දැකගත් හැක මෙහිදී ඔබට් අලුත් රුපය ඉවත් කරගැනීමට අවශ්‍ය නම් මුලින්ම රෙජිස්ට්‍රිය සැකසුමේ OEMBackground එකේ අගය 0 ලෙස යොදා oobe ෆොල්ඩරය තුල සාදාගත් info යන ෆොල්ඩරය මක දමන්න
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න