- Send To මෙනුවේ විශේෂාංග
අප යම්කිසි ෆෝල්ඩරයක් එකක් මත රයිට් ක්ලික් කල විට ලැබෙන මෙනුවේ ඇති send to විධානය ඉතාමත් ප්‍රෝයෝජනවත්ය විශේෂයෙන් පෙන් ඩ්‍රයිව් එකට හෝ පරිඝනකයේ වෙනත් ස්ථානයකයට යම් කිසිවක් ඉක්මනින් පිටපත් කරගැනීමට මෙය බොහෝදුරට උපකාරීවේ send to විධානයේ දක්නට ඇති සාමාන්‍ය විශේෂාංග වලට අමතරව තවත් විශේෂාංග රැසක්ම වින්ඩෝස් 7 තුල ඇතුලත් කර තිබේ මෙම විශේෂාංග සියල්ලටම ඇතුළු වීමට නම් ඔබ යම් කිසි ෆෝල්ඩරයක් හෝ ෆයිලයක් මත යතුරු පුවරුවේ ශිෆ්ට් බොත්තම ඔබගෙන මවුසය ක්ලික් කල යුතුය
Start Menu එක වෙනස් කරමු
obe ස්ටාර්ට් මෙනු එකෙහි programe හා Shortcut පිළිවෙලකින් දක්නට ලැබෙන්නේ නැතිනම් එය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමට හෝ තමන්ගේ අවශ්‍ය යමක් එයට පහසුවෙන්ම එක් කරගැනීමට පහසුකම් දැන් වින්ඩෝස් 7 තුල ඇතුලත් කර තිබේ මේ සදහා ස්ටාර්ට් මෙනු එකෙහි ඇති All Programe මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවේ open යන්න තෝරන්න මෙයින් ලැබෙන වින්ඩෝවේ ඔබට කැමති ආකාරයට ස්ටාර්ට් මෙනු එක තුල වෙනස් කම් කල හැකිය
Start Menu එකෙන් අන්තර්ජාලයේ සැරි සැරීම
ඔබට අන්තර්ජාලය තුල යමක් විමසීමට අවශ්‍ය වූ විට යම් කිසි බ්‍රව්සරයක් එයට භාවිතා කරයි නමුත් වින්ඩෝස් 7 තුල ඇති විශේෂාංගයක් වනුයේ ස්ටාර්ට් මෙනු එකෙහි සිටම අන්තර්ජාලය පිරික්සීමට හැකිය මෙම විශේෂාංගය සක්‍රිය කරගැනීම සදහා ස්ටාර්ට් මෙනු එකෙහි සර්ච් එක තුල gpedit.msc යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න
මෙයින් ලැබෙන Group Policy වින්ඩෝව user configuration තුල හි ඇති administrative bar මත ක්ලික් කර start menu and task bar යන ටැබ් එකෙහි ඇති add search internet link to start menu යන්න මත ඩබල් ක්ලික් කරන්න
එයින් ලැබෙන වින්ඩෝවේ ඇති enable යන්න තොර ok කරන්න
දැන් ඔබට තුලුන් අන්තර්ජාලයට පිවිසිය හැක
වින්ඩෝ කිහිපයක් සමග එකවර වැඩ කිරීම
වින්ඩොවන් කිහිපයක් එකවර විවුර්ත කර තිබෙන අවස්ථාවකදී ඒවා එකින් එක තොර ගැනීම තරමක් අපහසු හා කාලය ගතවන කාර්යකි වින්ඩෝස් 7 තුල ඇති Side By Side විශේෂාංගය මෙයට කධිම විසදුමකි මේ සදහා ඔබේ වින්ඩොවන් විවුර්ත කර ඇති ටාස්ක් බාර් එකෙහි රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Show Side By Side යන්න තේරිය යුතු වේ
එසේම එකවර තෝරාගත් වින්ඩොවන් කිහිපයක් සමගම වැඩ කිරීමට අවශ්‍ය නම් ඒ සදහා යතුරු පුවරුවේ Control + Shift හා Escape යන බොත්තම් එකවර ඔබ වින්ඩෝව windows task manager ලබාගෙන එයින් ඔබ විවුර්ත කර ඇති වින්දොවන්ගෙන් අවශ්‍ය වින්ඩොවන් සියල්ල තොර රයිට් ක්ලික් කර tile horizontally යන්න තෝරන්න
මෙමගින් ඔබට පහසුවෙන් වින්ඩොවන් රැසක් සමග කටයුතු කල හැක
Aero Peek විශේෂාංගය ක්‍රියා විරහිත කිරීම
වින්ඩෝස් 7 හි ඇති විශේෂාංගය මගින් ඔබේ විවුර්ත කර ඇති වින්ඩොවන් විනිවිද පෙනෙන ආකාරයට සකසනු ලැබේ බොහෝ දෙනෙකුට කරදරයක් වන අවස්ථා බොහෝමය මේ නිසා මෙය ක්‍රියා විරහිත කිරිමට අවශ්‍ය නම් ඔබේ ටාස්ක් බාර් එකෙහි දකුණු පස පහලින් ඇති Notification area එකෙහි ඇති Aero Peek බොත්තම මත ක්ලික් කර peek at desktop එම විශේෂාංගය ඉවත් කර ගත හැකි වේ
Command Prompt පහසුවෙන් විවුර්ත කරගැනීම
ඔබ Command Prompt කේතාංක බහුලව භාවිතා කරන්නෙකු නම් මෙම විශේෂාංගය ඔබට බොහෝ වැදගත් වේවි වින්ඩොව්ස් 7 හි ඇති මෙම කෙටි මාර්ගයෙන් ඔබට පහසුවෙන් Command Prompt වෙත ඇතුල් විය හැක මේ සදහා ඔබ කල යුත්තේ ඔබේ යතුරු පුවරුවේ Shift බොත්තම ඔබගෙන හිස් තැනක මවුස් රයිට් කිල්ක් කිරීම පමණි එමගින් ලැබෙන මෙනුවෙන් open command prompt window යන්න තේරීමෙන් එයට පිවිසිය හැක එසේම ඔබට command prompt මගින් ෆෝල්ඩරයක් ඇතුලත යම්කිසි කටයුත්තක් කිරීමට අවශ්‍ය නම් එහි එම ෆෝල්ඩරය මත Shift බොත්තම ඔබගනිමින් මවුසයෙන් රයිට් ක්ලික් කිරීම මගින් එම ෆෝල්ඩරය Command Prompt මගින් විවුර්ත කර ගත හැක
Command Prompt මගින් වින්ඩොවන් විවුර්ත කරගැනීම
ඔබට මෙමගින් විවිධ කේතාංක Command Prompt මගින් වින්ඩොව්ස් හි ඇති විවිධ වින්ඩොවන් මෘදුකාංග හෝ Folder වැනි විවුර්ත කරගැනීමට මෙයින් හැකි වේ මේ සදහාCommand Prompt විවුර්ත කර එහි explorer c:\ ටයිප් කර ඔබට විවුර්ත කිරීමට අවශ්‍ය ෆෝල්ඩරය ඇති ස්ථානය හා එහි නම ඇතුලත කල යුතුය එමගි ඔබට අවශ්‍ය ඕනෑම folder ඉබේ විවුර්ත වනවා සේ එමගින් විවුර්ත කල හැක මෙවැනි ප්‍රෝයෝජනාවත් කේතාංක කිහිපයක් පහත දැක වේ
start
start shell:startup
start%appdata%
අත්වැරදීමකින් මැකුණු දත්ත නැවත ගැනීම
අත්වැරදීමකින් ඔබට අවශ්‍ය දත්ත මැකුන නම් එය නැවත ලබා ගැනීම පහසු ක්‍රමයක් වින්ඩොව්ස් 7 තුල දක්නට ඇත මෙහිදී ඔබ කල යුත්තේ එම ෆයිලය මැකී ගිය වහාම ඔබේ යතුරු පුවරුවේ ctrl හා z බොත්තම එබීමයි මෙහිදී ලැබෙන සංවාද කොටුවේ බොත්තම එබීමෙන් දත්ත නැවත ලබා ගත හැකි වේ කලකට ඉහත මැකුණු දත්ත සදහා මේ ක්‍රමය සුදුසු නැත
I really happy found this website eventually. Really informative and inoperative, Thanks for the post and effort! Please keep sharing more such blog.
ReplyDeleteQuick Heal Total Security 2021 Crack + License Key [Latest]