Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, December 7, 2012

ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා ආසාදනය වන වෛරස



වයිරස් නිපදවා බෙදාහරින්නේ කවුරුන් විසින්ද යන්න හරියටම කිව නොහැක ඇතැම්වා සකස් කරන්නේ ස්පැමර්ස් විසිනි ඒ ඔබේ කම්පියුටර් එක උපයෝගී කරගෙන කසල පණිවිඩ බෙදාහැරීම සදහාය පරිගණක කේත පිළිබඳව වැටහීමක් ඇති විකෘති මනසක් සහිත අයද වයිරස් නිපදවනු ලබයි සමහරවිට තමාට නැති පහසුකම් වෙනත් අය විසින් විඳිනු දැකීමට අකමැති ඉරිසියාවෙන් හා ද්වේශයෙන් පිරුණ ඇතැමුන් අනුන්ට හානි කිරීම එකම ඉලක්කය කරගෙන වයිරස් නිපදවන බවද සොයාගෙන ඇත පසුගිය කලදී ලොව ඉතාමත් ජනප්‍රිය බවට පත්වුයේ ඇන්‍‍ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියයි අවාසනාවට මෙන් දැන් මේ සඳහාද වෛරස් නිර්මාණය කිරීම සඳහා ඇතැමුන් පෙළඹී ඇත එවැනි වෛරස් පිළිබඳව ඔබට යම් වැටහීමක් ලබාගැනීමට උපකාරී වනු ඇත
  • Android.Trojan.FakeDoc.A

ඔබේ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය මගින් ඔබේ ජීමේල් ගිණුමට පිවිසෙන මෙම වෛරසය ඔබේ පෞද්ගලික තොරතුරු සහ මේල් ඇඩ්‍රස් වෙනත් සර්වර් එකකට අප්ලෝඩ් කරනු ලබයි බැට්රි ඩොක්ටර් යන මෘදුකාංගයේ වේශයෙන් පෙනී සිටින ‍Fake.A ඔබේ පුද්ගලික තොරතුරු රහසේම සොරා ගන්නා වයිරසයකි

  • Android.ExploiT.RATC.A හෝ B

ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයක් රූට්‌ කිරීම යනු ඔබේ පරිගණකය ඇඩ්මින් ලෙස රන් කිරීමට සමාන ක්‍රියාවලියකි මෙහිදී ඔබට ආරක්ෂක අනතුරු වලින් තොරව පරිගණකය ක්‍රියා කල හැකි සේම ඇන්ඩ්‍රෝයිඩ් හිදී රූට්‌න් ක්‍රියාත්මක කල විට උපාංගය මෙහෙයවීමට ඔබට පුර්ණ බලය ලබාදෙයි ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයට පිවිසි ඔටෝ රූට්‌ පහසුකම ක්‍රියාත්මක කරවා ගන්නා මෙම වෛරසයට ඇන්ඩ්‍රෝයිඩ් ඇප් ඉන්ස්ටෝල් සහ ඉවත් කිරීම මෙන්ම ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය සම්පුර්ණයෙන් මකා දැමීමට වුවද හැකිය

  • Android.Trojan.SMSSEND.G

ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයෙන් නොනවත්වා ස්වංක්‍රියව SMS යවන වෛරසයකි

  • Android.HackTool.‍FeceniFF.A

ස්වංක්‍රියව වයි ‍ෆයි නෙට්වර්ක් වලට පිවිසි ඒ මගින් ‍ෆේස්බුක් ලොග් වී සිටින්නන්ගේ යුසර් නේම් හා පාස්වර්ඩ් සොරා ගන්නා වෛයිරසයකි

  • Android.HackTool.DroidSheep.A

පාස්වර්ඩ් නොයෙදු අනාරක්ෂිත වයි ‍ෆයි නෙට්වර්ක් තුලට පිවිසි සමාජ ජාල වෙබ් අඩවි ඊ මේල් හා අනෙකුත් යුසර් නේම් හා පාස්වර්ඩ් සොරකම් කරයි

  • Android.Trojan.‍FacelnsT.Av

ඔබේ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයෙන් ස්වංක්‍රියව  SMS යවන මෘදුකාංගයකි විශේෂත්වය නම් මෙය සැම විටම එහි අයිකනය වෙනස් කරමින් ක්‍රියාකිරීමයි


  • Dubbed.MMARKET.pay.A

චීන ඇන්ඩ්‍රෝයිඩ් වෙළෙඳපල ඉලක්ක කරගෙන නිපදවූ මෙයින් ස්වංක්‍රියව  ඔබේ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයට ඇප් මිලදී ගන්නා අතර ඒවා ඔබේ මාසික බිල්පතට එක වී අති විශාල බිලක්‌ ගෙවීමට සිදුවේ මෙය ක්‍රියා කරන්නේ චීන මොබයිල් ජාලය තුල පමණි       


         ඇන්ඩ්‍රෝයිඩ් වෛරස තුලින් මිදීමට නම්

  • ඔබේ දුරකතනයේ පාස්වර්ඩ් යොදා අගුලු දමන්න මෙවැනි දුරකථනයක් වෙත ඇතුළු වීමට උත්සහ දරන මෘදුකාංග ඇති අතර එසේ දෙතුන් වරක් වැරදි ලෙස පාස්වර්ඩ් ඇතුළු කිරීමට‍ උත්සහ කරන විටදී AUTO-Wipe වන ආකාරයට සෙටින් සකසන

  • අතිශය පුද්ගලික හා රහස්‍ය දත්තයන් දුරකථනයේ තබා නොගන්න 


  • විශ්වාසනීය මුලාශ්‍රයන්ගෙන් හෝ සෘජුවම ඔබේ ඇප් මාර්කට්  ඒකෙන පමණක් ඇප් ඩවුන්ලෝඩ් කරන්න


  • ඇප් එකක් ඉන්ස්ටෝල් කිරීමේදී ඉල්ලා සිටින පර්මිෂන් පිළිබඳව හොදින් විමසා බලන්න සමහරවිට ඇප් එකේ කාර්යයට කිසිසේත් අදාල නැති ආකාරයේ පර්මිෂන් ඉල්ලා සිටි නම් එය සැකකටයුතු ඇප් එකකි උදා-:ට්‍රැෆික්  ඇප් එකක් හෝ ගේම් ඇප් එකක් ඔබේ දුරකථනයේ Contacts සේවාව සඳහන් අවසර ඉල්ලා සිටීම නොගැලපෙන අවස්ථාවකි

  • ඔබ භාවිතා කරන උපාංගයේ ජංගම මෙහෙයුම් පද්ධතියේ ඇති ආරක්‍ෂක දෝෂ හඳුනාගත් විගස ඒ සඳහා පැච් හා අප්ඩේට් නිකුත් කෙරේ සැමවිටම ඔබේ මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් කර තබාගන්න

  • ඔබේ උපාංගයේ බැටරි ආරෝපණය මට්ටම පිළිබඳව අවධානයෙන් සිටින්න ඔබ දුරකථනය භාවිතා නොකර සිටියදී පවා එය විශාල ලෙස බැස යන්නේ නම් එය සැකකටයුතු අවස්ථාවකි  

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න