Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, August 2, 2012

වර්ඩ්ප්‍රෙස් අඩවියක්


වර්ඩ්ප්‍රෙස් අඩවියක් වෙබ් අඩවි ඔයාල දැකල ඇති කියල මම හිතනවා වර්ඩ්ප්‍රෙස් අඩවියක් හදාගන්නේ කොහොමද කියල දැන් බලමු මේ සදහා මුලින්ම ඔයාල වර්ඩ්ප්‍රෙස් අඩවියට ගිහින් එම අඩවියෙන් ෆයිල් එක බාගන්න ඕන වෙනවා එකට පහත ලින්ක් එක ක්ලික් කරලා වර්ඩ්ප්‍රෙස් අඩවියෙන් එම ෆයිල් එක බාගන්න 
                                                              
                                                               Wordpress




වෙබ් අඩවිය හොස්ට් කිරීමට ඔයාලට සිදුවෙනවා මේ සදහා අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි නොමිලයේ සේවාවන් සපයනවා ඒ වගේ වෙබ් අඩවියක් තමයි පහත තියෙන්නේ මුලින්ම ඔයාල මෙහි රෙජිස්ටර් වෙන්න ඕන 

                                                                       Web Host 


sign up! බට්න් ක්ලික් කරන්න 



දැන් ඔයාලට මේ වගේ ෆෝරමයක් පිරවීමට සිදු වෙනවා



      1. I want to host my own domain -: මෙතනට පහලින් ඇති ස්ථානය සදහා ඔයාල සතුව දැනටමත්ඩොමේන් නේම් එකක් තියනවනම් එක දෙන්න පුළුවන් 
      2. or, I will choose your free subdomain -:  මෙම ස්ථානය ඩොමේන් නේම් එකක් සාදාගැනීම සදහා භාවිතා කල හැකිය ඔබ කැමති ආකාරයට 
      3. Your name-:  ඔබගේ නම 
      4. Your email -: ඔබගේ ඊ මේල් එක ලබාදෙන්න 
      5.  Password-: පාස්වර්ඩ් එකක් ලබාදෙන්න 
      6. Type password again-: නැවත එම පාස්වර්ඩ් එක ලබාදෙන්න 
      7. Type 2 words that you see in the image-:  පහතින් ඇති වචන හොදින් බලා නිවැරදිව ටයිප් කරන්න 
      දැන් ඔයාලගේ  එකවුන්ට් එක  Waiting for email confirmation..  කියල මෙසේජ් එකක් පෙනෙනවා ඇති   ඔයාලට  ඊ මේල් එකක් එනවා ඊ මේල් ගිණුමට ගිහින් කන්ෆර්ම් කරන්න ඕන 


      කන්ෆර්ම් කලාට පස්සේ ඔයාලට මේ වගේ පේනවා මෙහිදී refresh status කියන එක ක්ලික් කරලා රිෆ්‍රෙශ් කරන්න  



      refresh status වල ක්ලික් කලාට පස්සේ ඔයාලට මේ වගේ පෙනේවි මෙහිදී ඔයාල මෙහි ඇති Go to CPanel කියන ස්ථානය ක්ලික් කරන්න 



      දැන් ඔයාල Go to cpanel කියන ස්ථානය ක්ලික් ක්‍රම මේ වගේ ස්ථානය දකින්නට ලැබේවි දැන් මෙතන තියන  View Account Details ක්ලික් කරලා ඔයාලගේ එකවුන්ට් එකේ තොරතුරු ලබාගන්න මේක ඔයාලට තව ටිකකින් ප්‍රයෝජනවත් වෙනවා 


      දැන් මම ඔයාලට වර්ඩ්ප්‍රෙස් අඩවියෙන් බාගන්න කිව්ව ෆයිල් එකේ ඇති ෆයිල් ටික එක්ස්ට්‍රැක් කරගෙන තියාගන්න 

      දැන් මේ ටික අප්ලෝඩ් කරන්න ඕන මේ සදහා අපි ෆයිල්සිලා නම් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරන්න ඕන පහත ලින්ක් එක භාවිතා කරන්න 
                                                     
                                                            Filezilla Software


      File Zilla මෘදුකාංගය ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න 



      පරිඝනකයට ඉන්ස්ටෝල් කරට පස්සේ site manager ස්ථානය වල  New Site තෝරාගෙන එම ස්ථාන සදහා සදහා ඔයාලගේ වෙබ්හොස්ට් කල සයිට් එකේ Account Details Overview ස්ථනයේ ඇති File Upload Details යන ස්ථානයේ ඇති තොරතුරු අරගෙන පුරවන්න ඕන 



      Account Details Overview ස්ථනයේ ඇති File Upload Details  යන ස්ථානයේ ඇති තොරතුරු අරගෙන පුරවන්න ඕන 

      1. Host-: File Upload Details වල ඇති  FTP host name ස්ථනය ඉදිරියේ ඇති නම  දෙන්න 
      2. Logon Type-:  මෙම ස්ථානයේ ඇති Normal යන්න තෝරන්න 
      3. User-:  මෙම ස්ථානය සදහා  File Upload Details වල ඇති  FTP user name  වල සදහන් යුසර් නේම් එක දෙන්න 
      4. password-: මේ සදහා ඔබගේ වෙබ්හොස්ට් ගිණුමේ පාස්වර්ඩ් එක 

      දැන් ඔයාලා ok කරලා connect යන්න ලබාදෙන්න පහත රුපය ඇති ආකාරයට 


      මෙහි රතු පාටින් සලකුණු කර ඇති කොටුවේ ඇති public.html නම් ෆෝල්ඩරය ඇතුලේ ඇති Default.php ෆයිල් එක ඩිලීට් කරන්න  දැන් ඔයාලගේ එක්ස්ට්‍රැක් කරගත් වර්ඩ්ප්‍රෙස් ෆෝල්ඩරයේ ෆයිල් ටික එම ස්ථානයට දමා අප්ලෝඩ් වීමට හරින්න 


      දැන් ෆයිල් අප්ලෝඩ් වීම අවසානයේ නැවතත් ඔයාලට වෙබ්හොස්ට්  අඩවියට නැවතත් ලොග් වෙලා එහි  Go to cpanel   යන්න 



      මෙහි ඇති MySQL  ස්ථානයේ ක්ලික් කරන්න 



      1. MySQL database name-: ඩේටාබේස් නමක් ලබාදෙන්න 
      2. MySQL user name-: නැවතත් ඩේටාබේස් ස්ථානයට ලබාදුන් නම නැවතත් ලබාදෙන්න 
      3. Enter password again-: පාස්වර්ඩ් එකක් දෙන්න 

      මේවා පිරවීමේදී අකුරු සහ නම්බර්  දෙකම භාවිතා  කර ලබාදෙන්න දැන් ඔයාලගේ ඩේටාබේස් එක සැකසී අවසානයි 

      Back to MySQL ස්ථානය ක්ලික් කර නැවතත් ආපස්සට යන්න 



      ඉහත රුපයේ රතුපාටින් සලකුණු කර ඇති ස්ථානය බලන්න දැන් ඔයාලත් එම ස්ථානයේ ඇති ආකාරයට ඔයාලගේ ඩොමේන් නම හොයාගෙන එය මත ක්ලික් කරන්න එවිට 


      Create a Configuration File මත ක්ලික් කරන්න එවිට 
      Let's go! මත ක්ලික් කරන්න එවිට පහත ආකාරයෙන් ස්ථානයක් පැමිණේවි මෙම ස්ථානය සදහා ඔයාල සකස් කල MySQL ඩේටාබේස් එකේ තොරතුරු නැවත වැදගත් වෙනවා 


      1. Database Name-:  MySQL ඩේටාබේස් එකේ   List of your current databases and users  නම් ස්ථානයට පහතින් ඇති Mysql database  තැන පහත ඇති ඩේටාබේස් නම ලබාදෙන්න
      2.  User Name-: MySQL ඩේටාබේස් එකේ   List of your current databases and users  නම් ස්ථානයට පහතින් ඇති MySQL User  ස්ථානයේ ඇති යුසර් නම ලබාදෙන්න 
      3. password-: පාස්වර්ඩ් එක දෙන්න 
      4. Database Host-: MySQL ඩේටාබේස් එකේ   List of your current databases and users  නම් ස්ථානයට පහතින් ඇති  MySQL Host ස්ථානයේ ඇති  හොස්ට් නාමය දෙන්න 

      Submit කර ඉදිරියට යන්න 

      Run The install මත ක්ලික් කරන්න එවිට 


      1. Site Title-:අඩවිය සදහා නමක්
      2. username-:admin 
      3. Password Twice-: පාස්වර්ඩ් එකක් 
      4. your email 
      Install wordpress ක්ලික් කර ඉදිරියට යන්න 

      Log In ක්ලික් කර ඉදිරියට යන්න 





      දැන් ඔයාලගේ වර්ඩ්ප්‍රෙස් සයිට් එක සකසාගෙන අවසන් 

      Socializer Widget By Blogger Yard
      SOCIALIZE IT →
      FOLLOW US →
      SHARE IT →

      1 ඔබේ අදහස්:

      1. ගොඩක් ස්තූතියි යාළුවා.මට ගොඩක් වැදගත්.හොදට පැහැදිලි කරලා තියෙනවා.

        මම හැම තැනම හෙවුවා.ඒත් මට හම්බුනේ වීඩියෝ විතරයි.ඔයාගෙ බ්ලොග් එකේ විතරයි සින්හලෙන් පැහැදිලි කරලා තිබ්බෙ ගොඩක් ස්තූතියි.දිගටම කරගෙන යන්න

        ReplyDelete

      ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න