Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Wednesday, March 14, 2012

windows 7 හි සැගවුණු ඉගි හා රහස්

  1. Send To මෙනුවේ විශේෂාංග 







අප යම්කිසි ෆෝල්ඩරයක් එකක් මත රයිට් ක්ලික් කල  විට ලැබෙන මෙනුවේ ඇති send to විධානය ඉතාමත් ප්‍රෝයෝජනවත්ය විශේෂයෙන් පෙන් ඩ්‍රයිව් එකට හෝ පරිඝනකයේ වෙනත්  ස්ථානයකයට   යම් කිසිවක් ඉක්මනින් පිටපත් කරගැනීමට මෙය බොහෝදුරට උපකාරීවේ send to  විධානයේ දක්නට  ඇති සාමාන්‍ය  විශේෂාංග  වලට  අමතරව  තවත්  විශේෂාංග රැසක්ම  වින්ඩෝස්  7 තුල  ඇතුලත්  කර  තිබේ  මෙම  විශේෂාංග සියල්ලටම  ඇතුළු  වීමට  නම් ඔබ යම් කිසි    ෆෝල්ඩරයක්  හෝ ෆයිලයක් මත යතුරු පුවරුවේ ශිෆ්ට් බොත්තම ඔබගෙන මවුසය ක්ලික් කල යුතුය 


Start Menu එක වෙනස් කරමු 

obe ස්ටාර්ට් මෙනු එකෙහි programe  හා Shortcut  පිළිවෙලකින් දක්නට ලැබෙන්නේ නැතිනම් එය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමට හෝ තමන්ගේ අවශ්‍ය යමක් එයට පහසුවෙන්ම එක් කරගැනීමට   පහසුකම් දැන් වින්ඩෝස් 7 තුල ඇතුලත් කර තිබේ මේ සදහා ස්ටාර්ට් මෙනු එකෙහි ඇති  All Programe  මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවේ open  යන්න තෝරන්න මෙයින් ලැබෙන වින්ඩෝවේ ඔබට කැමති ආකාරයට ස්ටාර්ට් මෙනු එක තුල වෙනස් කම් කල හැකිය   

Start Menu එකෙන්  අන්තර්ජාලයේ  සැරි  සැරීම  

ඔබට අන්තර්ජාලය තුල යමක් විමසීමට අවශ්‍ය වූ විට යම් කිසි බ්‍රව්සරයක් එයට භාවිතා කරයි නමුත් වින්ඩෝස් 7 තුල ඇති විශේෂාංගයක් වනුයේ ස්ටාර්ට් මෙනු එකෙහි සිටම අන්තර්ජාලය පිරික්සීමට හැකිය මෙම විශේෂාංගය සක්‍රිය කරගැනීම සදහා ස්ටාර්ට් මෙනු එකෙහි සර්ච් එක තුල  gpedit.msc යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න


 මෙයින් ලැබෙන Group Policy   වින්ඩෝව user configuration  තුල   හි ඇති administrative bar මත ක්ලික් කර start menu and task bar යන ටැබ් එකෙහි ඇති add search internet link to start menu යන්න මත ඩබල් ක්ලික් කරන්න 

එයින් ලැබෙන වින්ඩෝවේ ඇති enable  යන්න තොර ok කරන්න 

දැන් ඔබට තුලුන් අන්තර්ජාලයට  පිවිසිය හැක 

වින්ඩෝ කිහිපයක් සමග එකවර වැඩ කිරීම  
වින්ඩොවන් කිහිපයක් එකවර විවුර්ත කර තිබෙන අවස්ථාවකදී ඒවා එකින් එක තොර ගැනීම තරමක් අපහසු හා කාලය ගතවන කාර්යකි වින්ඩෝස් 7 තුල ඇති Side By Side  විශේෂාංගය මෙයට කධිම විසදුමකි මේ සදහා ඔබේ වින්ඩොවන් විවුර්ත කර ඇති ටාස්ක් බාර් එකෙහි රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Show Side By Side   යන්න තේරිය යුතු වේ 


                     එසේම එකවර තෝරාගත් වින්ඩොවන් කිහිපයක් සමගම වැඩ කිරීමට අවශ්‍ය නම් ඒ සදහා යතුරු පුවරුවේ Control + Shift   හා Escape  යන බොත්තම් එකවර ඔබ වින්ඩෝව windows task manager  ලබාගෙන එයින් ඔබ විවුර්ත කර ඇති වින්දොවන්ගෙන් අවශ්‍ය වින්ඩොවන් සියල්ල තොර රයිට් ක්ලික් කර tile horizontally  යන්න තෝරන්න 

මෙමගින් ඔබට පහසුවෙන් වින්ඩොවන් රැසක් සමග කටයුතු කල හැක 

Aero Peek  විශේෂාංගය ක්‍රියා විරහිත කිරීම 

වින්ඩෝස් 7 හි ඇති  විශේෂාංගය මගින් ඔබේ විවුර්ත කර ඇති වින්ඩොවන් විනිවිද පෙනෙන ආකාරයට සකසනු ලැබේ බොහෝ දෙනෙකුට කරදරයක් වන අවස්ථා බොහෝමය මේ නිසා මෙය ක්‍රියා විරහිත කිරිමට අවශ්‍ය නම් ඔබේ ටාස්ක් බාර් එකෙහි දකුණු  පස පහලින් ඇති  Notification area  එකෙහි ඇති Aero Peek  බොත්තම මත ක්ලික් කර peek at desktop  එම විශේෂාංගය ඉවත් කර ගත හැකි වේ 

Command Prompt පහසුවෙන් විවුර්ත කරගැනීම 


ඔබ Command Prompt කේතාංක බහුලව භාවිතා කරන්නෙකු නම් මෙම විශේෂාංගය ඔබට බොහෝ වැදගත් වේවි වින්ඩොව්ස් 7 හි ඇති මෙම කෙටි මාර්ගයෙන් ඔබට පහසුවෙන් Command Prompt වෙත ඇතුල් විය හැක මේ සදහා ඔබ කල යුත්තේ ඔබේ යතුරු පුවරුවේ Shift  බොත්තම ඔබගෙන හිස් තැනක මවුස් රයිට් කිල්ක් කිරීම පමණි එමගින් ලැබෙන මෙනුවෙන් open command prompt window යන්න තේරීමෙන් එයට පිවිසිය හැක එසේම ඔබට command prompt  මගින් ෆෝල්ඩරයක් ඇතුලත යම්කිසි කටයුත්තක් කිරීමට අවශ්‍ය නම් එහි එම ෆෝල්ඩරය මත Shift බොත්තම ඔබගනිමින් මවුසයෙන් රයිට් ක්ලික් කිරීම මගින් එම ෆෝල්ඩරය Command Prompt මගින් විවුර්ත කර ගත හැක  


Command Prompt මගින් වින්ඩොවන් විවුර්ත කරගැනීම  


ඔබට මෙමගින්  විවිධ කේතාංක  Command Prompt මගින් වින්ඩොව්ස් හි ඇති විවිධ වින්ඩොවන් මෘදුකාංග හෝ Folder වැනි  විවුර්ත කරගැනීමට මෙයින් හැකි වේ මේ සදහාCommand Prompt  විවුර්ත කර එහි explorer c:\ ටයිප් කර ඔබට විවුර්ත කිරීමට අවශ්‍ය ෆෝල්ඩරය ඇති ස්ථානය හා එහි නම ඇතුලත කල යුතුය එමගි ඔබට අවශ්‍ය ඕනෑම folder ඉබේ විවුර්ත වනවා සේ එමගින් විවුර්ත කල හැක මෙවැනි ප්‍රෝයෝජනාවත් කේතාංක කිහිපයක් පහත දැක වේ  

start
start shell:startup
start%appdata%

අත්වැරදීමකින් මැකුණු දත්ත  නැවත ගැනීම  

අත්වැරදීමකින් ඔබට අවශ්‍ය දත්ත මැකුන නම්  එය නැවත ලබා ගැනීම පහසු ක්‍රමයක් වින්ඩොව්ස් 7 තුල දක්නට ඇත මෙහිදී ඔබ කල යුත්තේ එම ෆයිලය මැකී ගිය වහාම ඔබේ යතුරු පුවරුවේ ctrl හා z බොත්තම එබීමයි  මෙහිදී ලැබෙන සංවාද කොටුවේ බොත්තම එබීමෙන් දත්ත නැවත ලබා ගත හැකි වේ කලකට ඉහත මැකුණු දත්ත සදහා මේ ක්‍රමය සුදුසු නැත  

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

1 ඔබේ අදහස්:

  1. I really happy found this website eventually. Really informative and inoperative, Thanks for the post and effort! Please keep sharing more such blog.

    Quick Heal Total Security 2021 Crack + License Key [Latest]

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න