Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, March 11, 2012

ලොව ඕනෑම තැනක සිට ඔබගේ පරිඝනකයට ඇතුළුවන්නට පුළුවන් හැමාචි

                                      
මෙම මෘදුකාංගය මගින් ඔබට ලොව ඕනෑම ස්ථානයක සිට  අන්තර්ජාලය තුලින් තම නිවසේ හෝ වෙනත් ස්ථානයක ඈති  පරිඝනකයට ඇතුළු වී දත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබේ Log ME In Hamachi යනු අන්තර්ජාලය හරහා අධිසි පරිඝනක ජාලයක්  (Virtual Private Network)නිර්මාණය කර එමඝින් පරිඝනක දෙකක් අතර සම්බන්ධතාව ඇති කරන මෘදුකාංගයකි .මෙමඝින් අන්තර්ජාලය තුල ඔබටම වෙන්වූ පුද්ගලික පරිඝනක ජාලයක් නිර්මාණය කර දෙන අතර එමගින් ඔබට වෙනත් ඕනෑම ස්ථානයක පරිඝනකයක් මගින් ඔබේ ප්‍රදාන පරිඝනකයට ඇතුළු වීමට හැකි පහසුකම් ලබාදේ .ඔබේ පරිඝනකය සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වුවත් මෙමගින් පරිඝනකයේ ඇති පොදුවේ බාවිතා කල හැකි Shared Filesහි ඇති දත්තයන් වලට ඇතුළුවී තොරතුරු පිටපත් කරගැනීමට හැකිවේ .log  me in hamachi  මෘදුකාංගය බාවිතා කිරීම සදහා ඔබට අනිවාර්යෙන් අන්තර්ජාල සම්භාන්දතාවක් තිබිය යුතුවේ මෙම මෘදුකාංගය ස්ථාපනය කරගැනීම ඉතාමත් පහසු අතර මෙය භාවිතය ආරම්බ කරගැනීම පියවර කීපයකින් සිදුකිරීමට හැකිය මේ සදහා ප්‍රථමයෙන් මෙම මෘදුකාංගය පරිඝනකයට ඔබගේ  Download කරගන්න සිදු වෙනවා 


                                              Download Hamachi


මෙය ඔබගේ පරිඝනකයට ඉන්ස්ටෝල් කරගත් පසු එය විවුර්ත කර එහි ඇති Power On බොත්තම මත ක්ලික් කරන්න .දැන් එයින් ලැබුණු සංවාද කොටුව තුලට ඔබගේ පරිඝනකය හදුනා ගැනීම නමක් ලබාදී Create  බොත්තම මත ක්ලික් කරන්න .






 ඔබ දැන් log me in  මෘදුකාංගය ස්ථාපනය කර අවසන් . මීලගට පරිඝනක ජාලය නිර්මාණය කලයුතු වේ මේ සදහා   create new network   බොත්තම ක්ලික් කරන්න  




එය ක්ලික් කිරීමෙන් පසුව දිස්වන වින්ඩොව් තුල ඔබේ පරිඝනක ජාලය සදහා නමක් හා මුරපදයක් ලබා දෙන්න 




ජාල නාමය හා මුර පදය ලබාදී බොත්තම ක්ලික් කල සැනින් ඔබේ පරිඝනක ජාලය නිර්මාණය වනු ඇති .දැන් ඔබට තොරතුරු ලබාගැනීමට අවශ්‍ය අනෙකුත් පරිඝනකයක් තුලද මෙම මෘදුකාංගය මේ ආකරයට් ස්ථාපනය කරන්න නමුත් ඒවායේදී තෙවන පියවරේදී නව ජාලයක් නිර්මාණය කරනවා වෙනුවට join & Existing යන බොත්තම ක්ලික් කරන්න එහිදී ලැබෙන වින්දොවෙහිදී ජාල නාමය හා මුර පදය ඇතුලත් කර ඔබේ ප්‍රධාන පරිඝනකයට ඇතුල් විය හැක 




දැන් ඔබට ඇතුළු වීමට අවශ්‍ය පරිඝනකය තොර එහි නාමය මත රයිට් ක්ලික් කර Browse යන්න තෝරා එම පරිඝනකය තුල ඇති  Shared Network Files ඇතුලත් ෆෝල්ඩරයට ඇතුළුවී ඔබට අවශ්‍ය දත්ත ලබා ගතය හැකි වේ 

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →