Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, March 5, 2012

අන්තර්ජාලයේ සැරිසරන විට මතුවන දෝෂ හා පණිවිඩ

අන්තර්ජාලය තුලින් වෙබ් අඩවි පෙන්වන්නේ  නැතිවෙලාවට  ඊට හේතුව වශයෙන් පණිවිඩයක් පෙන්වයි  (Error messages) ලෙස හදුන්වනු ලබන මේ පණිවිඩ මගින් පමාවට හේතු පෙන්වනු ලබයි මේවා පෙන්වන්නේ යම් අංකයක් සමගයි  එම  එරර් මෙසේජ් අංකයෙන්ද ඒ පිළිබධව වටහාගනිමක් ලබා ගත හැක 


1)  400 Bad Requset    
මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාලය වෙතින් ඔබ ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාල වෙබ් ලිපිනයේ යම් වරදක් තිබෙන බවය හෝ වෙබ් ලිපිනයට ගැලපෙන වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලය
තුල ස්ථාපිත කර නොමැති  බවයි  මෙවැනි   පණිවිඩ  ලැබුණු  පසු කල යුත්තේ ඔබ ටයිප් කරන ලධ වෙබ් අඩවියේ ලිපිනය නැවත පරික්ෂා කොට නිවැරදිව  ටයිප් කිරීමයි මෙහිදී වෙබ් ලිපිනයට අදාල ඉලක්කම් සංකේත ආදිය  පරික්ෂා කර බැලිය යුතු වෙයි  




































2)    401 Unauthorides


මින් අදහස් කරන්නේ ඔබට අවශ්‍ය වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට ඇතුළුවීමට අවසරයක් නොමැති බවයි මෙම වෙබ් අඩවියට ඇතුළු විය හැක්කේ ඔබගේ තොරතුරු ඇතුලත් කොට වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු ලැබෙන යුසර්  නේම්   සහ යොදා ගැනීමෙනුයි 


03)   403 Forbidden
මින් අදහස් කරන්නේ ද  ඉහත සදහන්  කල  ඔබට අවශ්‍ය වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට ඇතුළුවීමට අවසරයක් නොමැති බවයි මෙම වෙබ් අඩවියට ඇතුළු විය හැක්කේ ඔබගේ තොරතුරු ඇතුලත් කොට වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු ලැබෙන යුසර්  නේම්   සහ යොදා ගැනීමෙනුයි 




4)        404 Page Not Found


මින් පෙන්වන්නේ ඔබට ලබාගැනීමට අවශ්‍ය වෙබ් අඩවිය හෝ පිටුවට සම්බන්දකිරීමේ යම් තාක්ෂණික ගැටළුවක් පිළිබධවය මෙවැනි අවස්ථාවල කල යුත්තේ පෙර සිටි වෙබ් පිටුව වෙත  නැවත පැමිණ යලිත් වරක් අදාල වෙබ් අඩවිය හෝ පිටුව ඉල්ලුම් කිරීමයි එසේ නැත්නම් වෙබ් පිටුව   කිරීමෙන්ද මෙම අපහසුතව නිවැරදි කරගත හැක 
                               ඔබ විසින් වෙබ් අඩවි ලිපිනය ටයිප් කල අවස්ථාවකදී මෙම එරර් මැසේජය එක එනවනම් වහාම කල යුත්තේ වෙබ් ලිපිනය පරික්ෂා කොට නැවත එය ලබාදීමයි වෙබ් අඩවියේ ඇතැම් පිටු මක දැමීම හෝ වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉඅවත් කිරීමද මෙම පණිවිඩය පෙන්වීම කරනු ලබයි  


05) 408 Request Time out



මෙම එරර් මැසේජ් එකෙන් පෙන්වන්නේ වෙබ් ලිපිනය මත ක්ලික් කිරීමේදී ඔබ වෙතින් සිදු වන යම් ප්‍රමාද දෝෂයකි අන්තර්ජාලයේ ඇතම විට වෙබ් අඩවි ලිපින ක්ලික් කිරීමේදී යම් කිසි කල පරාසයක් ලබාගන්න අතර එවැනි අවස්ථාවලදී සිදු අවන ප්‍රමාදයන් නිසා මෙම එරර්  මැසේජ් එක ලැබේ මෙහිදී කල යුත්තේ නැවත වරක් ක්ෂණිකව ක්ලික් කර එම වෙබ් අඩවියට හෝ පිටුවට ඇතුළු වීමට උත්සහ කල යුතුය 


06) Server Error



මෙම දෝෂය ලැබෙන්නේ අන්තර්ජාල සර්වර් වල ඇති දෝෂ නිසාය මේවා බොහෝ විට අන්තර්ජාල සේවා ලබා දෙන ආයතනවල පවත්වාගෙන යන සර්වර් වල දෝෂ නිසා මෙය සිදුවේ මේ සදහා කල යුත්තේ අන්තර්ජාල සම්බන්ධතාවෙන් ඉවත්ව සිට නැවත පිවිසීමයි 

07)  502 Server overload

මෙයින් කියවෙන්නේ මෙම අවස්ථාවේ වෙන විට ඔබ භාවිතා කරන සර්වර් වල කාර්යබහුලතව වැඩි බව සහ එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් පරිශීලනය කරනන් ප්‍රමාණයක් එකවර සර්වර් වලට සම්බන්ද වී ඇති බවයි  මෙහිදීද කල යුත්තේ  ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ද වීමට උත්සහ කිරීමයි 


08)     503 Service Unavailable

මින් කියවෙන්නේ ඉන්ටනෙට් සේවා සපයන්නගේ ( isp-internet Service provider)           සම්බන්දතාවේ යම් වරදක් හෝ ක්‍රියාවිරහිත වීමක් ඇතිව තිබෙන බවයි ඔබගේ සම්බන්ධතාව නතර කර දම ඇතිවිටක මෙමෙ පණිවිඩය ලැබෙන අතර ඉන්ටර්නෙට් සේවා සපයන ආයතනයට දැනුම් දීමෙන් ඔබගේ සම්බන්දතාව ලබාගැනීමෙන් මෙය නිවැරදි කරගැනීමට පුළුවන    


Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න