Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Saturday, March 3, 2012

සිස්ටම් එකට ඔබේ විස්තර

ඔබේ පරිඝනකයේ සිස්ටම් ප්‍රෝපටිස් වලට ඔබගේ විස්තර ඇතුලත් කර ගැනීමට ඔබත් කැමතිද ?එසේ  නම් ප්‍රථමයෙන් ඩෙස්ක්ටොප් එක මත  ඇති  මයි  කොම්පියුටර් අයිකනය මත රයිට් ක්ලික් කර මතුවෙන ප්‍රෝපටිස් තෝරන්න . එහිදී ලැබෙන අරම්බක තිරයේ  (1) රුපය 
                   

  Genaral Tab එක select වී ඇති අතර එහිදී ඔබගේ පරිඝනකය  ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්දතිය ලියාපදිංචි කල පුද්ගලයාගේ නම සහ පරිඝනකයේ වේගය ආදී දත්තයන් කීපයක් දැකගත හැක .එහි වම් පස ඉහලට වන්නට Windows  නිල ලාංචනය ධිස් වන අතර ඊට පහතින් හිස් ඉඩ ප්‍රදේශයක් පවතී .මෙම හිස් ඉඩ ප්‍රදේශයට පින්තුරයක් එකතු කිරීමට ඔබ කවදාක හෝ උත්සහ කර තිබේද ? එසේ නම් මෙය කරන ආකාරය අපි බලමු  පළමුවෙන්ම  Paint  භාවිතයෙන් හෝ ෆොටෝෂොප් බාවිතයෙන් පළල Pixels 180 හා උස  Pixels 115 ප්‍රමාණයේ පින්තුරයක් සකස ගන්න (පේන්ට් වලදී නම් Image මෙනුවෙන්  Attribute  වෙත  යාමෙන්  අවශ්‍ය  පික්සල්  ප්‍රමාණය  තෝරාගන්න ) ( 2)  රුපය  

 පින්තුර  නිර්මාණය කර අවසානයේ  file ->save as -> save->සංවාද කොටුව ලබාගන්න එහි Save in    යටතේ C:\Windows\System32 යනුවෙන් Save විය යුතු අතර save විය යුතු  Path  එකද  Save as type යන්නට 256 Colour Bitmap(*.bmp,* .dib)  යනුවෙන්ද තෝරා File name යන්නට oemlogo.bmp   යන්න ටයිප් කර save         කරගන්න එහි වර්ණ මධක් අඩු විය හැක . 


දැන්  මෙහි දෙවන කොටස සදහා පිවිසෙමු   ඒ සදහා  Start->all programs->Accessories->Notepad   විවුර්ත කරගන්න එහි පහත දැක්වෙන ආකාරයට ටයිප් කරන්න .අනෙක් තොරතුරු සදහා ඔබට අවශ්‍ය පරිදි ඔබගේ තොරතුරු ටයිප් කරගන්න 
                       
[General]
Manufacturer =      ඔබගේ නම 
Model= ඔබගේ පරිඝනකයේ වර්ගය ස්පිඩ් එක මෙතන සටහන් කරන්න   
[Support Information]
Line1=ඔබගේ දුරකථන අංකය 
Line2=ලිපිනය 
Line3=,,
Line4=,,
                           
උදාහරණයක් ලෙස               
 [Genaral]
 Manufacturer=NRP Information Technologies
 Model=pentium4 
 [Support Information]
 Line1=085 2334243424
 Line2=NRP Information Technologies
 Line3=no.510,
 Line4=Rathnapura                                            
                                                                
අවසානයේ File->Sve as     විධානය  බාවිතා  කරමින්  save  සන්වාධ  කොටුව ලබාගන්න   එහි save in යටතේ C:\Windows\System32   යනුවෙන් save  විය යුතු පාත් එක තෝරා  File name යන්නට oeminfo.ini යනුවෙන් type   කර save  කරන්න .
                                 
                    දැන් ඩෙස්ක්ටොප් එක මත රයිට් ක්ලික් කර  Refresh   කරන්න ඔබ ඉහත පියවර නිවැරදිව අනුගමනය කලේ නම් System Properties  වලට ගිය විට ඔබ යොදාගත් රුපය හා  Support Information   යනුවෙන් නව බොත්තමක් ධිස් වන ආකාරය දැකගත හැකිය .එම බොත්තම ක්ලික් කිරීමෙන් ඔබ ඉහත ඇතුලත් විස්තර දැකගත හැක .මෙහි  Support Information  පේලි ගණන වැඩි කරමින් තව ධුරටත් මෙය අත්හද බලන්න (මෙහි වින්ඩොව්ස්  වල System 32  වෙනුවට  Folder    වෙනුවට පැරණි සංස්කරණ වල C:windows\system   ලෙස තිබිය   හැකිය 

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න