Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Saturday, August 10, 2013

Revo Uninstaller


සමහර ගේම්ස් හා සොෆ්ට්වෙයා පරිගණකයෙන් ඉවත් කර දැමීම අසීරු කාර්‍යයකි විශේෂයෙන් Demo සංස්කරණයන් හිදී බොහෝ විට මෙම ගැටළුව මතුවේ මෙවැනි ආකාරයේ වැඩසටහන් Add/Remove Programs තුළ දර්ශණය නොවීම නිසා පරිගණකයෙන් ඉවත් කිරීම ගැටළු සහගත වේ මෙවැනි අවස්ථාවන් හීදී Revo Uninstaller මෘදුකාංගය ඉතා පහසුවෙන් එම වැඩසටහන් සොයා ඉවත් කර දීමට සමත් වේ



පරිගණකයේ පිහිටුවා ගැනීම සඳහා තිබිය යුතු අවම සුදුසුකම්:
  1. Microsoft Windows XP SP3
  2. 128 megabytes (MB) of RAM
  3. 35 MB of free Hard Disk space
  4. 500 MHz or higher
  5. Pentium - compatible CPU 



Thursday, August 1, 2013

෴ පරිගණකයක ආරක්ෂාකාරී ලෙස වැඩ කිරීම ෴


පරිගණකයක වැඩ කරන්නට පටන්ගන්නට පෙර,අපහසුතාවය,පීඩනය හා වෙහෙස  ඇති නොවන ලෙස වැඩ කිරීම සඳහා පහත  දැක්වෙන නිර්දේශ ඔබට සුරක්ෂිත හා පහසුවක් ඇති කරගත හැකිය.



  1. මොනිටරයේ මුදුන හා ඇස් මට්ටමේ සමාන උසක පැවතිය යුතුය.
  2. මොනිටරයේ තිරය හා ඔබේ දෘෂ්ටි රේඛාව ලම්භකව තිබිය යුතුය.
  3. දෙ අත් පොළවට සමාන්තරව  පිහිටන ලෙස යතුරු පුවරුවේ උස සකස් කරගන්න.
  4. හිරු එලිය හෝ වෙනත් දීප්තිමත් ආලෝක ප්‍රභවයක්  පරිගණක තිරය මතට වැටී පරාවර්තනය නොවන ලෙස මොනිටරය තබා ගැනීම කළ යුතුය.
  5. පරිගණකය තබන මේසය හා විශේෂයෙන් ම මොනිටරය ඍජු ආලෝකයක් නොවැටෙන පරිදි තබා ගන්න .මොනිටරයෙන් නිකුත් වෙන පරාවර්තනයට ඇස ‍වෙහෙසකරය.
  6. මොනිටරයට ග්ලෙයා ෆිල්ටරයක් සවි කිරීම වැනි ක්‍රියා මගින් දිළිසීම වළක්වා ගත හැකිය.
  7. වැඩ කරන ප්‍රදේශයේ මෘදු,කෙලින්ම නොවැටෙන ආලෝක තත්වයක් සකස් කරගන්න.
  8. පරිගණකය අඳුරු තැනක භාවිතා නොගත යුතුය
  9.  එක දිගට එක එල්ලේ පරිගණක තිරය දෙස බලා සිටීමෙන් වලකින්න.වරින් වර දෙඇස් ඉවතට අරගන්න.දුරින් පිහිටි වස්තූන් වෙතද දෙඇස් ඉලක්ක කරන්න.
  10. ඔබේ මොනිටරය තබා ගන්නා මේසය තෝරා ගැනීමේ දී එය ඔබට ගැළපෙන උසක් සහිත එකක් විමට වග බලා ගත යුතුය.පුටුව වාඩි වූ විට සිරුර නිවැරදි ඉරියව්වකින් තබා ගැනිමට පහසු ආකාරයේ එකක් විය යුතුය.
  11. පරිගණකය  මේසය තැබිය යුත්තේ ද පැතලි පොළවකය.
  12. කිබෝඩය  හා මවුසය හැසිරවීමේදී ඔබේ දෙඅත්වල වැළමිටෙන් පහළ කොටස පොළවට සමාන්තරව තබා ගත හැකි ආකාරයේ මේසයක් හා පුටුවක් තෝරා ගත යුතුය.
  13. සැපපහසු ,ඔබේ බර සමබරව බෙදාහරින,අපහසුවකින් තොරව වාඩි විය හැකි,උස සිරු මාරු කළ හැකි පුටුවක් තෝරා ගන්න.
  14. පුටුවේ වාඩි  වූ විට කිබෝඩයේ මට්ටම ඔබේ වැලමිටේ උසට සමානවිම හෝ එයට වඩා තරමක් පහළට තිබීම අත්‍යාවශ්‍යය.එවිට ටයිප්  කරන විට උරහිසට පහසුය.
  15. පුටුවේ  උස වෙනස් කරගැනීමට  හා  වාඩිවෙන කොටස මදක් ඉදිරියට නවා ගැනිමට හැකිවීම වැදගත්ය.සිරුරේ බර සමබරව පුටුවට ලැබීම සඳහා අවශ්‍යනම් පාද රඳවණයක් ද භාවිතයට ගන්න.
  16. ඔබේ කොඳුඇට පෙලේ පහළ නැම්මට අනුකුළ ලෙස පුටුවේ හේත්තුවෙන කොටස සීරුමාරු කරගන්න.



මහාසෙන් දැහැන ගීත ඇල්බමය මිලදී ගැනීම සඳහා විමසන්න Tel-:0714456435/0778980818 ඊ මේල්-:ravana@ruhunuyaka.com.