Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, May 21, 2013

facebook වෙත ලොග් නොවී චැට් කරමු



facebook වෙබ් අඩවිය හා සම්බන්ධ ඔබේ මිතුරන් හා චැට් කිරීම සදහා ඔබ සැමවිටම facebook පැමිණිය යුතුද? වර්තමානයේ මේ සඳහා විවිධ මෘදුකාංග නිෂ්පාදනය කර ඇත මේවායින් බොහොමයකින් ඔබ සතුව ඇති විවිධ ඔන්ලයින් එකවුන්ට් කිහිපයක් සඳහා ලොග් වීමේ පහසුකම ලබා දී ඇත 



pidgin





මෙමගින් විවිධ ආකාරයේ accounts කීපයක් සමගම එකවර චැට් කල හැකියි. විවිධ චැට් සේවාවන් විශාල ප්‍රමාණයකට මෙය සේවා සපයන අතර facebook සදහාද  සැකසු plug-ins ලබාගත හැකියි








Digsby





මෙය  facebook මෙන්ම twitter,gtalk,linkedin වැනි තවත් බොහෝ සේවාවන් සමගද chat කිරීම පහසුකම් ලබාදෙන ප්‍රසිද්ධ මෘදුකාංගයකි.අන්තර්ජාල chat සේවා මෙන්ම email ගිණුම ගැන notifications ලබාදීම මෙන්ම වෙනත් සමාජ -ජාල සේවාවන්හි notifications ද මේ  මෘදුකාංගය හරහා ලබාගත හැකිය.එසේම මේ මෘදුකාංගය මගින් facebook ගිණුම් කීපයක් සමග conference chat සිදුකිරීමටද හැකියාව තිබේ.





chitchat





මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කල විට ‍ෆේස්බුක් චැට් වින්ඩෝව ආකාරයේම සයිඩ්බාර් එකක් ඔබට දකින්නට ලැබෙනු ඇත.මෙමගින් ඔබට ඔබේ වෙබ් බ්‍රවූසරය විවෘත නොකරම  ෆේස්බුක් මිතුරන් online/offline වන විට ඒ බව notifications මගින් දැනුම් දේ.තවද,විවිධ වර්ණ හා හැඩතල යෙදු text සහිතව chat කිරීමට ,chat history පිරික්සීමට මෙන්ම shortcut keys ද බොහෝ ප්‍රමාණයක්  භාවිතා කරයි.



Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න