Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, April 2, 2012

ෆෝල්ඩරයක් සගවමු කාටවත්ම හොයන්න බැරි විදිහට


ඔබ මෙතෙක් කල් ඔබගේ වටිනා ඒවගේම රහස්‍ය ෆයිල්ස් ෆෝල්ඩර් ආදිය සැගවුයේ වින්ඩෝස් වල සාමාන්‍ය ආකාරයට ෆෝල්ඩර් ලොක් මෘදුකාංගයක් මගින් හෝ Hidden  ක්‍රමයටය මෙහිදී Hidden ක්‍රමය අනාරක්ෂිත වන අතර මෘදුකාංග මගින් ෆෝල්ඩර් ලොක් වැනි දේවල් දැමු විට පවා නොයෙකුත් ප්‍රශ්න වලට ඔබට මුහුණ දීමට සිදු වන්නට ඇති රහස් වචනය අමතකවීම සිරියල් කී සෙවීමට සිදු වීම වැනි දුෂ්කරතා වලට පත්වේ මන් ඔයාලට කියල දෙන්න යන මේ ක්‍රමය සදහා ඔයාලට ඕන වෙන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් භාවිතා කිරීම පමණයි  මේ සදහා ඔයාලට start>>all programmes>>accessories>>Command Prompt  ගිහින් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක විවුර්ත කරගන්න 

දැන් එහි CD\ ලෙස ටයිප් එන්ටර් ඔබන්න  

එතකොට ඔයාලට පහත ආකාරයෙන් දිස් වේවි 
දැන් ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්නේ මෙතනට තමයි ඔයාලගේ ෆෝල්ඩරය තියන ඩ්‍රයිව් එක ඒ කියන්නේ ඔයාලගේ  ෆෝල්ඩරය තියන පාර්ටිෂන් එකේ අකුර ටයිප් කරල එන්ටර් කරන්න මගේ ෆෝල්ඩරය පිහිටලා තියෙන්නේ D එකේ නිසා මම D:ලෙස ටයිප්  කරනවා පහත රුපය :

එවිට ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්නේ  පහත රුපය

 දැන් මට අවශ්‍ය වෙලා තියෙන්නේ D එකේ තියන  මගේ nrp කියන ෆෝල්ඩරය සගවන්න 

මෙහිදී මේ සදහා ඔයාලගේ ෆෝල්ඩරය තෝරාගන්න මෙන්න මේ ආකාරයට විධාන ලබා දෙන්න මෙහිදී attrib ලෙස ටයිප් කරලා හිස්තැනක් +s හිස්තැනක් +a හිස්තැනක් + h හිස්තැනක් ලෙස ටයිප් කරලා ෆෝල්ඩරය නම සදහන් කරන්න දැන් එන්ටර් කරන්න 
                        
 D:\>attrib +s + a + h  nrp 

දැන් ඔයාලගේ ෆෝල්ඩරය තිබුන තැනට ගිහින් බලන්න එක නොපෙනී ගිහින් නේද මෙන්න මගේ ෆෝල්ඩරය තිබුන තැන දැන් නැ මේක hidden වෙලා 

දැන් අපි බලමු නැවත ඔයාලගේ සගවපු ෆෝල්ඩරය නැවත ලබා ගන්න හැටි නැවත 1 රුපය ආකාරයට කමාන්ඩ් ප්‍රොම්ප්ට් විවුර්ත කරගන්න 2 රුපය ආකාරයට නැවත CD\ ටයිප් කරලා එන්ටර් කරන්න  එවිට ඔයාලට C:\> ආකාරයට පැමිණ ඇති  3  රුපය බලන්න එතනට ඔයාලගේ සගවපු ෆයිල් එක තියන ඩ්‍රයිව් එක අකුර නැවත ටයිප් කරලා එන්ටර් කරන්න C:\>d:  4 රුපය  දැන් ඔයාලට මේ ආකාරයට පැමිණේවි E:\>  මෙන්න මෙතනට මන් දෙන විධාන භාවිතා කරන්න කලින් මම දුන්න විධානය වගේම තමයි මෙතන වෙනස තමයි + ධන  ලකුණ වෙනුවට - රින ලකුණ යොදාගැනීමයි පහත රුපය දැන් එන්ටර් යතුර ඔබන්න 
                          
                         D:\>attrib -s -a -h nrp


එවිට ඔබගේ ෆෝල්ඩරය නැවතත් දිස් වේවි

මෙලෙස සගවන ෆයිල් ඔබට හැර වෙන කෙනෙකුට ඇතුළු විය නොහැක  

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න